පසුබිම
තෘතියික අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව 1992 දි කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ක්ෂේත්රයේ නියාමන ආයතනය ලෙස ආරම්භ කරන ලද අතර, එය 1990 අංක 20 දරණ තෘත්තීය හා වෘත්තීය අධ්‍යාපන පනත මගින් ස්ථාපිත වුවකි. එහි මූලික වගකීම වන්නේ ප්‍රතිපත්ති සැකසිම, තත්ත්ව ආරක්ෂණය සහ තෘතියික හා වෘත්තීය අධ්‍යාපනය රට තුල සම්බන්ධීකරණය කිරීම හා දියුණු කිරිම ය. 1990 අංක 20 දරණ තෘත්තීය හා වෘත්තීය අධ්‍යාපන පනත 1999 දි එක් කරන ලද සංශෝධනය මගින් කොමිෂන් සභාවේ සමාජිකයන් දාහත් දෙනා අතුරින් සභාපතිවරයා ද ඇතුලු ව සමාජිකයන් දස දෙනෙකුම සේවා යෝජකයන්ගේ සංගම් සහ පෞද්ගලික අංශයේ ව්‍යවසායන් නියෝජනය කරන්නන් වේ. මෙය පෞද්ගලික අංශය ද සලකා ඉල්ලුම සැපයුම පදනම් කර ගෙන රජයේ වෘත්තීය පුහුණු ප්‍රතිපත්ති හා වැඩසටහන් සංවර්ධනය කිරීමට උපකාරී වේ.
කොමිෂන් සභාෙව් සභාපතිතුමා සහ අධ්යක්ෂ ජනරාල් තුමාට කටයුතු සංවර්ධනය කිරීම සම්බන්ධ ව අධ්‍යක්ෂක මණ්ඩලයක සහයෝගය ලැබෙන අතර, කොමිෂන් සභාවේ ලේඛම් විසින් පුද්ගල කළමනාකරණය, මුල්‍ය කටයුතු සහ පරිපාලනය සම්බන්ධ ව කටයුතු කරනු ලැබේ.
අපගේ අරමුණු
- තෘතියික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණුව පිළිබද ජාතික ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම, සමාලෝචනය කිරීම සහ නැවත සකස් කිරීම.
- තෘතියික හා වෘත්තීය අධ්‍යාපන පුහුණුව සංවර්ධනය සදහා සැලසුම් සම්පාදනය කිරීම.
- ආයතන හා ලියාපදිංචිය හා පුහුණු පාඨමාලා ප්‍රතීතනය කිරීම මගින් ජාතික තත්ත්ව ආරක්ෂණ පද්ධතියක් දියත් කිරීම.
- කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ආයතන සදහා තත්ත්ව සහතිකකරණයක් ස්ථාපිත කිරීම හා පවත්වා ගෙන යාම.
- ජාතික කර්මාන්ත පරීක්ෂණ සහ සහතිකකරණ පද්ධතිය සැලසුම් කිරීම, ආරම්භ කිරීම සහ සම්බන්ධීකරණය කිරීම.
- ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය සංවර්ධනය කිරීම සහ පවත්වා ගෙන යාම.
- කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ක්ෂ්‍රේත්‍රය සදහා ශ්‍රම වෙළදපොල තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යාම.
- කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ආයතනවල සංවර්ධනය සදහා කළමනාකරණ සංවර්ධන වැඩසටහන් සහ මූල්‍ය ආධාර ලබා දීම.
- වෘත්තීය අධ්‍යාපන හා පුහුණුව උසස් ස්ථානයකට ගෙන ඒමට ප්‍රචාරයක් ලබා දීම.