වෘත්තිය අධ්‍යාපන පුහුණු සැලැසුම් සම්පාදනය කිරීම හා යාවත්කාලීන කිරීම
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව පසුගිය වසර දහයකට අධික කාලයක් තිස්සේ වර්ධනය වන විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර වලට අවශ්‍ය කරන වැඩිවන මානව සම්පත් ප්‍රමාණය ආදිය ගැන වෘත්තීය අධ්‍යාපන පුහුණු සැලැසුම් සම්පාදනය කරමින් සිටී. භූගෝලීය කලාප අනුව ද පුළුල් වශයෙන් වෘත්තීය අධ්‍යාපන පුහුණු සැලැසුම් සම්පාදනය කිරීම පුළුල් වශයෙන් සිදුවේ. පහත සදහන් පරිදි වෘත්තීය අධ්‍යාපන පුහුණු සැලැසුම් වර්ග 2 කි. ඒවා පහත දැක්වේ.
- කර්මාන්ත ක්ෂේත්රය පදනම් කරගත් වෘත්තීය අධ්‍යාපන පුහුණු සැලැසුම්.
- ප්‍රාදේශීය වෘත්තීය අධ්‍යාපන පුහුණු සැලැසුම්.
කර්මාන්ත ක්ෂේත්‍ර පදනම් කරගත් වෘත්තීය අධ්‍යාපන පුහුණු සැලැසුම්
- පුද්ගලික හා රාජ්‍ය අංශයේ විවිධ කර්මාන්ත ක්ෂේත්රවල දැනට ඇති හා ඉදිරියේ දී අවශ්‍ය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය කෙතෙක්ද යන්න තීරණය කරගෙන එය දැනුවත් කිරීමට වෘත්තීය පුහුණු සැලසුම් සම්පාදනය කරනු ලැබේ. පහත දැක්වෙන එක් එක් කර්මාන්ත ක්ෂේත්‍ර වලට වෘත්තීය අධ්‍යාපන පුහුණු සැලැසුම් පිළියෙල කර ඇත.
- ඇගුළුම් හා රෙදිපිළි
- මැණික් හා ස්වර්ණාභරණ
- මුද්‍රණ
- ඉදිකිරීම්
- සංචාරක සහ හෝටෙල්
- රථවාහන අලුත්වැඩියාව
- කාර්යාල කලමනාකරණය
- ආහාර සහ පාන වර්ග
- රබර් සහ ප්ලාස්ටික්
- සම්භාණ්ඩ හා පාවහන්
- වැවිලි
- විදුලිබල හා ඉලෙක්ට්‍රොනික
- ලුහු හා ලෝහ ඉංජිනේරු විද්‍යා
- කොණ්ඩා මොස්තර හා රූපලාවන්‍ය
- පිගන් මැටි හා විදුරු
- සෞඛ්‍යය
ප්‍රාදේශීය වෘත්තීය අධ්‍යාපන පුහුණු සැලැසුම්
කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ක්ෂේත්රයේ ප්‍රාදේශීය වෘත්තීය අධ්‍යාපන පුහුණු සැලැසුම් 2008 වසරේ සිට ප්‍රථම වරට පලාත් මට්ටමින් නිකුත් වේ. සබරගමුව පළාත් වෘත්තීය අධ්‍යාපන පුහුණු සැලසුම ශ්‍රි ලංකාවේ ලෝක කම්කරු සංවිධානයේ කොළඹ කාර්යාලය මුල්‍යාධාර මගින් ප්‍රකාශයට පත්විය.
Provincial VET plans
පළාත | සිංහල | දෙමළ | ඉංග්‍රිසි |
මධ්‍යම | Download | Download | |
නැගෙනහිර | Download | ||
උතුර | பதிவிறக்க | Download | |
වයඹ | බාගත කිරීම | Download | |
සබරගමුව | Download | ||
දකුණ | Download | ||
ඌව | බාගත කිරීම | பதிவிறக்க | Download |