තෘතීයික හා වාත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව 2016.07.13 වන දින එහි පැවැති රැස්වීමකදී NVQ වැඩසටහන් සඳහා ඉංග්‍රීසි සහ මෘදු කුසලතා වැඩසටහන් ගණනාවක් අනුමත කරන ලදී. සියළුම NVQ 3 පාඨමාලා සඳහා “රැකියා නිපුණත්වයන් ගොඩනැංවීම” යන සංරචකයක් ඇතුළත් වන අතර, සියළුම NVQ 4 පාඨමාලා සඳහා “රැකියා නිපුණත්වයන් සංවර්ධනය කිරීම” යන සංරචකය ඇතුළත් වේ. සියළුම NVQ 5 සහ 6 පාඨමාලා සඳහා “රැකියා නිපුණත්වයන් ඉහළ නැංවීම” යන සංරචකය ඇතුළත් වේ.මෙම පාඨමාලා සඳහා විශේෂ අච්චු පොත් සකස් කර ඇති අතර, එම පොත් TVEC කාර්යාලයෙන් හෝ ගොඩගේ සහ සහෝදරයෝ, පී ද එස් කුලරත්න මාවත පොත් ප්රකාශකයන්ගෙන් සෘජුව ලබා ගත හැක.
- තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්රයේ නව ඉංග්‍රීසි රැකියා නිපුණත්ව වැඩසටහන් – සියළුම NVQ පාඨමාලා විෂයමාලා ඉංග්‍රීසි මෘදු නිපුණතා NVQ පාඨමාලා බාගත කරගන්න
- තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්රයේ ඉංග්‍රීසි වැඩසටහන් – NVQ මට්ටම් 1, 2 සහ 4 විෂය මාලා, NVQ 1,2,4 බාගත කරගන්න
රැකියා නිපුණත්වයන් ගොඩ නැංවීමේ අන්තර් ජාලය – TVEC
ඉංග්‍රීසි භාෂාවේ ඉගැනුම් ද්‍රව්‍ය සඳහා සිසුනට පහසු ප්‍රවේශයක් ලබා දීම මෙමගින් සිදු කෙරේ. වැඩ ලෝකයේ අවස්ථාවන් වැඩි කිරීමට හැකිවන පරිදි ඔවුන්ගේ ධාරිතාවයන් වර්ධනය කිරීම මෙගින් සිදු කෙරේ.
- “රැකියා නිපුණත්වයන් ඉගැනීමේ කළමනාකරණ පද්ධතිය ගොඩනැංවීම” සඳහා ලියාපදිංචි වීමට මෙම ස්ථානය ක්ලික් කරන්න.
පවතින පාඨමාලා
- ඉංග්‍රීසි සහ මෘදු කුසලතා මට්ටම් 3 සහ 4
- ඉංග්‍රීසි සහ මෘදු කුසලතා මට්ටම් 1 සහ 2
- නව විෂයමාලා
- ගුරුවරුන් සඳහා උපදෙස්
- කියැවීමේ ද්‍රව්‍ය
- මධ්‍යගත ප්රවෘත්ති