ස්වාධීන ඒකකයක් ලෙසින් අභ්‍යන්තර විගණන සහ විමර්ශන අංශය තීරණ සෑදීම සඳහා කළමනාකරණය වෙත සත්‍ය සහ සාධාරණ තොරතුරු ලබා දීමට සහයෝගය ලබාදේ.
අභ්‍යන්තර විගණනයේ ප්‍රධාන අරමුණු
කොමිෂන් සභාවේ අරමුණු ළඟා කර ගැනීමට පවතින අභ්‍යන්තර පාලන පද්ධතිය (ප්‍රතිපත්ති, ක්‍රියාපරිපාටීන්, ක්‍රමවේදයන් සහ ක්‍රියාකාරකම්) උපකාරිවේද යන්න පරීක්ෂා කර බලා තහවුරු කිරීම සහ අභ්‍යන්තර පාලන පද්ධතියේ කාර්යසාධනයන් තහවුරු කරමින් පහත ආකාරයට විගණන සැලැස්ම පිළියෙළ කරනු ලැබේ.
- කොමිසමේ කාර්යසාධනයන් නියමාකාරව හෝ කාර්යක්ෂමව පවත්වාගෙන යාම.
- කළමනාකරණ ප්රතිපත්තීන් පිළිපැදීම ඇතුළත් කර ගැනීම.
- වත්කම්වල ආරක්ෂාව
- වංචා සහ වැරදි වැළක්වීම සහ අනාවරණය කිරීම.
- ගිණුම්කරණ වාර්තාවල නිරවද්‍යතාවය සහ සම්පූර්ණභාවය
- විශ්වසනීයත්වයෙන් යුතුව මූල්‍ය සහ කාර්යසාධන තොරතුරු කාලීණව සකස් කිරීම.
ප්‍රධාන වශයෙන් පහත සඳහන් ක්ෂේත්රයන් සඳහා අභ්‍යන්තර විගණන සහ විමර්ශනයන් තුළින් පාලනය කිරීමේ තත්වය (සමස්ථ ආකල්පය, දැනුම්වත්කම, අභ්‍යන්තර පාලන පද්ධතිය සම්බන්ධව TVEC හි කළමනාකරණයේ පද්ධති සහ ක්‍රියාමාර්ගය )
- ලියාපදිංචිය, ප්‍රතීතනය සහ ගුණාත්මක කළමනාකරණ පද්ධතිය (QMS)
- වෘත්තීය අධ්‍යාපන පුහුණු (VET) සැලැස්ම සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සහ වෘත්තීය පුහුණු ආයතනවලට මුල්‍ය සහයෝගය ලබා දීම.
- NVQ ක්‍රියාත්මක කිරීම, ජාතික නිපුණතා සම්මත සහ විෂයමාලා සංවර්ධනය
- NVQ ඇගයීම්, විභාග සහ NVQ ප්රදානය කිරීම
- ආංශික නිපුණතා සභාවන් සහ වෘත්තීය මාර්ගෝපදේශනය
- කළමනාකරණ තොරතුරු පද්ධතිය (MIS) සහ සමාජ සබඳතා
- පරිපාලනය සහ ගිණුම්කරණය හා මූල්‍ය මෙහෙයුම්
- අධ්යක්ෂ ජනරාල් විසින් පවරනු ලබන වෙනත් විමර්ශනයන් සහ කාර්යන්
පහත සඳහන් සංශෝධනය වූ ප්‍රතිපත්ති ලේඛනය 2016 ජූලි 13 වන දින තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ පැවැති රැස්වීමකදී අනුමත කරන ලදී.