“ශ්‍රී ලංකාවේ නිපුණතා පාදක පුහුණුව සඳහා මඟ පෙන්වීම” (2005 වසරේ නිකුත් කරන ලද) සහ “ශ්‍රී ලංකාවේ ජාතික වෘත්තීය සුදුසුකම් සඳහා ක්‍රියාත්මක අත්පොත” ( 2005 වසරේ නිකුත් කර 2009 වසරේ සහ 2016 වසරවල සංශෝධනය කළ) සහ “2016 වසරේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් ක්‍රියාත්මක කර අනාගතයට එක් කිරීම පිණිස නිපුණතා පාදක ඇගයීම පරිපාලනය කිරීමට ආයතන ව්‍යුහයක් යෝජනා කිරීමට පත්කළ කමිටුවේ NVQ ඇගයීම් වාර්තා සඳහා ආයතනික සකස් කිරීමක් ශක්තිමත් කිරීම වෙනුවෙන් කළ වාර්තාවලින් පෙන්නුම් කල පරිදි, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ඇගයීම් ක්‍රියාත්මක කිරීමට සමස්ත වගකීම නියාමන ව්‍යුහය ලෙසින් තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සතුවේ. එම නිසා TVEC විසින් මේ සඳහා ඇගයීම් පිණිස තත්ව සහතිකකරණය සහ ඇගයීම් නියාමන (Q&A) අංශය ලෙසින් නව අංශයක් ස්ථාපනය කරන ලදී. මෙම අංශයේ ප්‍රධාන අරමුණ වනුයේ, ඇගයීමේ ගුණාත්මකභාවය පවත්වාගෙන යාමයි. එහි ප්‍රධාන කාර්යන් පහත පරිදි වේ :
- ඇගයීම් ද්‍රව්‍ය අනුමත කිරීම.
- NVQ 1- 4 සහ NVQ 5 – 6 ඇගයීම්කරුවන් පුහුණු කිරීම සඳහා අයදුම්කරුවන් තෝරා ගැනීම.
- භූ විද්‍යාත්මක ආවරණයක් සමඟ වෘත්තීය සහ තාක්ෂණ ක්ෂේත්රයන් පදනම් කර ඇගයීම්කරුවන්ගේ දත්ත / ලේඛනයක් පවත්වාගෙන යාම. (NVQ 1- 4 සහ NVQ 5 – 6)
- ප්‍රතීතනය කරන ලද පාඨමාලාවල සිසුන්ගේ ඇගයීම් සම්බන්ධීකරණය කිරීම.
- NVQ 1- 4 සහ NVQ 5 – 6 මට්ටම්වල අවසන් නිපුණතා පාදක ඇගයීම් සම්බන්ධීකරණය කිරීම.
- ප්රතිචාරයන් මගින් ඇගයීම්කරුවන් සඳහා පුහුණු වැඩසටහන් සමාලෝචනය සහ යාවත්කාලීන කිරීම සඳහා වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයට (UNIVOTEC) සහයෝගය ලබා දීම.
- විගණනය සහ සංගතතා වැඩමුළු තුළින් අවසන් නිපුණතා ඇගයීම්වල සංගතතාවය තහවුරු කිරීම.
- ඇගයීම් සම්බන්ධ සියළුම පාර්ශවයන්ගේ අභියාචනා,පැමිණිලි සහ දුක් ගැනවිලි සඳහා යොමු වීම.
- ඇගයීම් ප්‍රතිඵල සම්ප්‍රේෂණය සහ සහතික මුද්‍රණය කිරීම පිණිස මෘදුකාංග සංවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම.
- සේව්‍යයන් සහ ශ්‍රී ලාංකික සහ විදේශීය අධ්‍යයන ආයතනයන් ඉල්ලුම් කරන අවස්ථාවන්හි ලබා දීමට NVQ සහතික තහවුරු කිරීම.
- ඇගයීම් ක්‍රමවේදය කාලානුරූපව සමාලෝචනය කිරීම සහ පුණරීක්ෂණය කිරීම.