කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ක්ෂේත්රයේ සැලසුම් සහ පර්යේෂණ
කොමිෂන් සභාවේ පර්යේෂණ කවයට දිගුකාලීන මගපෙන්වීමේ ක්‍රියාවලියක් වශයෙන් සංයුක්ත සැලැස්ම උපායශීලි සැලැස්මක් වශයෙන් වසර 5 ක කාලයක් සඳහා සංවර්ධනය කර ඇත. මෙමගින් පර්යේෂණ කවයේ පර්යේෂණ සඳහා වැඩි අවධානයක් යොමුවේ. තවද වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම, සංයුක්ත සැලැස්ම, කොමිෂන් සභාවේ අභිප්‍රාය මුදුන් පැමිණෙන පරිදි ක්‍රියාවට නංවනු ලැබේ.
තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ නිලධාරීන් 2008 වසරේ දී පහත දැක්වෙන පර්යේෂණ 3 කර ඇත.
නිපුණතා සංවර්ධනයට සහ වෘත්තීය දියුණුවට බලපාන සාධක පිළිබඳ අධ්‍යයනයක්.
පෙර ඉගෙනුම් හැඳින ගැනීමට අදාල නිපුණතා පාදක ඇගයීමට අවශ්‍ය නිපුණතාවන් ලබා ගැනීම පිළිබඳ සාක්ෂි ගොනුවක් එක් රැස් කිරීම පිළිබඳ විස්තරාත්මක අධ්‍යනයක්.
ශ්‍රි ලංකාවේ කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ක්ෂේත්රයේ ඉලෙක්ට්‍රොනික අධ්‍යාපනයට ඇති ඉඩ ප්රස්ථා හැකියාවන් ප්‍රර්ධනය පිළිබඳ අධ්‍යනයක්.
කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ක්ෂේත්රයේ පර්යේෂණ කටයුතු පිළිබඳ සම්බන්ධතාවයක් ලබා ගැනීමට සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ පර්යේෂන කවය වෙබ් පිටුවට පිවිස බලන්න.
www.tvec.gov.lk/cell/index.htm