දැනට පවත්නා ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සංශෝධනය සහ යාවත්කාලීන කිරීම
කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ක්ෂේත්රය කෙරෙහි බලපාන ප්‍රතිපත්ති හා සැලැසුම් සංවර්ධන කිරීෙම් කටයුතුවල තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව නිරතව සිටී. මේ යටතේ පහත සඳහන් කාර්යයන් සිදු කරනු ලැබේ.
- ශ්‍රි ලංකාවේ කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ප්‍රතිපත්ති ව්‍යුහය සංවර්ධය කිරීම.
- ශ්‍රි ලංකාවේ යම් යම් අසාධාරණයන්ට ලක් වු සමාජ කණ්ඩායම් කෙරෙහි වෘත්තීය අධ්‍යාපන පුහුණු සැලැසුම් ප්‍රතිපත්ති හා උපාය මාර්ග, ක්‍රියාකාරී සැලසුම් සංවර්ධනය කිරීම.
ශ්‍රි ලංකාවේ කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ප්‍රතිපත්ති ව්‍යුහය සංවර්ධනය කිරීම
ශ්‍රි ලංකාවේ වෘත්තීය හා කාර්මික අධ්‍යාපන පුහුණු සැලැසුම් සංවර්ධය කිරීම පිළිබඳ 2007 වර්යේෂයේ දී ජර්මානු කාර්මික සහයෝගිතාව (GTZ) ඇතුව සාර්ථක අන්දමින් වැඩසටහනක් තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව පවත්වා ඇත. මෙම වැඩසටහනේ දී ජාතික වශයෙන් වෘත්තීය පුහුණුවට,සංවර්ධනයට බලපාන ප්‍රතිපත්ති සාකච්ජා කරන ලදී. මෙම වැඩසටහනේ දී ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉල්ලුම හා සැපයුම අරමුණු කරගෙන වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව ලබා දීම කෙසේ විය යුතු ද යන්න අවධානයට ගෙන ඇත. එමෙන්ම සමාජ සංවර්ධනය හා ආර්ථික සංවර්ධනය උදෙසා වෘත්තීය පුහුණුව සැලැසුම් විය යුතු ආකාරය සැලකිල්ලට ගෙන තිබේ. 2008 වසරේ දී කොමිෂන් සභාව කාර්මික අධ්‍යාපනය හා වෘත්තීය පුහුණු සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ෙකාමිෂන් සභාවට ප්‍රලේඛනයක් ඉදිරිපත් කර ඇත. මෙම ප්‍රලේඛනය ගරු ජනාධිපති තුමාගේ අනුමැතිය සඳහා 2009 වසරේ දී ඉදිරිපත් කර ඇත.
ශ්‍රි ලංකාවේ යම් අසාධාරණයන්ට ලක්වු කණ්ඩායම් සඳහා කාර්මික අධ්‍යයන හා වෘත්තීය පුහුණු සැලසුම් සංවර්ධනය කිරීමේ උපාය මාර්ග.
ශ්‍රි ලංකාවේ සමාජ අසාධාරණයන්ට ලක්වුවන් සඳහා වෘත්තීය අධ්‍යාපන පුහුණු සැලසුමක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රි ලංකා කාර්යාලය හා එක්ව එම පිරිසට නිපුණතා සැලැසුම් ප්‍රතිපත්තියක් ගැන වැඩමුලුවක් පවත්වන ලදී. තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂම මෙම වැඩමුලුව අසාධාරණයන්ට ලක්වුවන්ගේ නියමුවන් නියෝජනය වන පරිදි සම්බන්ධ කරගෙන වැඩමුලුවක් පවත්වන ලදී. මෙම වැඩමුලුව වාද්දුව විල්ලා ඕෂන් විව් හෝටලයේදී 2008 ජුලි 14 – 16 දින දක්වා, රාජ්‍ය අංශයේ, පුද්ගලික අංශයේ, රාජ්‍ය නොවන අංශයේ සහ අනෙකුත් සහයෝගය දක්වන්නන් ඇතුලත්වනසේ 100 ක් පමණ සහභාගිත්වයෙන් පවත්වන ලදී.
2009 කොළඹ පැවැති වැඩමුලුවේ දී කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව සඳහා ගන්නා ලද උපාය මාර්ග හා ප්‍රතිපත්ති නුදුරු අනාගතයේදී මුද්‍රණද්වාරයෙන් පිටවෙනවා ඇත.