1990 අංක 20 දරන තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සහා පනතේ දෙවන අරමුණ වනුයේ, සහතික සහ වෙනත් අධ්‍යාපන විශිෂ්ඨතා ඇතුළුව තෘතීයික අධ්‍යාපන ප්‍රදානයන් සහ වෘත්තීය අධ්‍යාපන ප්‍රදානයන් ලබා දීම සඳහා ජාතික වශයෙන් පිළිගත් ක්‍රමවේදයක් සංවර්ධනය කිරීමයි. ඒ අනුව, 2005 වසරේ ජාතික වෘත්තිය සුදුසුකම් (NVQ) රාමුව හඳුන්වා දෙන ලදී.
ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) රාමුව මට්ටම් 07 ක සුදුසුකම් රාමුවකි. සාමාන්‍යයෙන් සුදුසුකමක් යනු ශ්‍රම වෙළඳපොළේ විශේෂ අවස්ථාවක අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නිපුණතා ඒකකයන්ගෙන් යුතු පැකේජයකි.
සුදුසුකම් සඳහා මට්ටම් ලබා දීමටවන නිර්ණායකය, පරාමිතියන් 03 ක් මත පදනම් වේ.
. අ) සුදුසුකම් දරන්නා විසින් ඉටු කල යුතු ක්‍රියාවළියක සංකීර්ණභාවය
.ආ) ඉල්ලුම පිළිබඳ ඉගෙනීම ( එම ක්‍රියාවළියන් ඉගෙන ගැනීමේ අසීරුතා)
.ඇ) අදාළ ක්‍රියාවළියන් ඉටු කිරීමේදී රැකියා කරන්නාගේ වගකීම
NVQ මට්ටම | සුදුසුකම් වර්ගීකරණය | විස්තරය |
මට්ටම් 1 | ජාතික සහතිකය | ඇතුල්වීමේ මට්ටමේ නිපුණතාවයන්ගේ අත්පත් කර ගැනීමේ හරය පිළිබඳ අවබෝධ කර ගැනීම.
|
මට්ටම් 2, 3 සහ 4 | ජාතික සහතිකය | නිපුණතාවයන්ගේ වර්ධනය වන මට්ටම් හඳුනා ගැනීම. සම්පූර්ණ ජාතික ශිල්පීන් සඳහා මට්ටම් 4 සුදුසුකම් ලබා දේ.
|
මට්ටම් 5 | ජාතික ඩිප්ලෝමාව | තාක්ෂණික මට්ටමේ සිට කළමනාකරණ මට්ටම දක්වා වර්ගීකරණය වන නිපුණතාවන්වල වර්ධනයවන මට්ටම් අවබෝධ කර ගැනීම.
|
මට්ටම් 6 | උසස් ජාතික ඩිප්ලෝමාව | |
මට්ටම් 7 | උපාධිය හෝ ඒ හා සමාන | සැලසුම් කිරීම, නැවත-මූලාශ්රයන් ලබා ගැනීම සහ කළමනාකරණ ක්රියාවළි මෙම මට්ටම සඳහා ඇතුළත් වේ.
|
ජාතික නිපුණතා සම්මත
යම් පුද්ගලයෙකුට සුදුසුකම් සතු කර ගැනීමට සහ යම් විශේෂ කර්මාන්ත ක්ෂේත්රයක හෝ රැකියාවක ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ලබා ගැනීම පිණිස අත්පත් කර ගත යුතු නිපුණත්වයන් ජාතික නිපුණතා සම්මත තුළින් විෂ්ලේෂණය වේ. සැබෑ වැඩපොළක ප්රතිඵලයන් මෙගින් විස්තර කෙරේ.
නිපුණතා සම්මක සංවර්ධනය කිරීම යනු කර්මාන්ත වෘත්තීයකයන් / කර්මාන්ත අංශයේ නිපුණතා සභාවන් (ISSCs) සහ වෙනත් ප්‍රධාන පාර්ශවයන්ගෙන් අන්තර්ගත උපදේශනාත්මක ක්‍රියාවළියක ප්රතිඵලයකි. ජාතික නිපුණතා සම්මතයන්වල ඉලක්කය වනුයේ ඉගැනුම් ක්‍රියාවළියකට වඩා සේවකයකුගෙන් වැඩපොළේදී අපේක්ෂා කරනු ලබන කාර්යන් ඉටු කිරීමය. මෙමගින් නිපුණ සේවකයකු සිය රැකියාව ඉටු කිරීමේදී වැඩ පොළේදී ප්‍රදර්ශනය කරනු ලබන නිපුණතාවයන්, දැනුම සහ ආකල්පයන් විස්තර කෙරේ.
නිපුණතා පාදක පුහුණුව (CBT) විෂයමාලා
නිපුණතා පාදක පුහුණුවේදී (CBT) විෂයමාලා සංවර්ධනය කරනු ලබන පදනම වනුයේ ජාතික නිපුණතා සම්මතයන්ය. සහතික මට්ටම්වල (NVQ 1 සිට 4) විෂයමාලා සංවර්ධනය කිරීමේදී, නිපුණතා සම්මතයන්හි විශ්ලේෂණයවන නිපුණතා ඒකක ඉගැනුම්කරුවාහට ඉගැනීම් කාර්යේදී ඉටු කළ යුතු “කාර්යන්” ලෙසට පරිවර්තනය වේ. ඩිප්ලෝමා මට්ටම් (NVQ 5 සහ 6) සඳහා විෂයමාලා සංවර්ධනය කිරීමේදී, ඒකකවල විශ්ලේෂණයවන නිපුණතා ඒකක නිපුණතා පාදක පුහුණු (CBT) විෂයමාලාවේ “ඉගැනුම් ප්‍රතිඵල” බවට පරිවර්තනය වේ.
ජාතික වෘත්තීය සුදුසුකම් සහතික ලබා ගැනීමේ මාර්ගයන්
ජාතික වෘත්තීය සුදුසුකම් සහතික ලබා ගැනීමේ මාර්ගයන් දෙකක් පවතී.
- තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ප්‍රතීතනය කරන ලද පාඨමාලාවක් හැදෑරීමෙන්
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ප්‍රතීතනය කරන ලද නිපුණතා පාදක පුහුණු (CBT) පාඨමාලාවක් හැදෑරීමෙන් සිසුනට ජාතික වෘත්තිය සුදුසුකම් සහතිකයක් ලබා ගැනීමට හැකිවේ.
- පෙර ඉගෙනුම් හඳුනා ගැනීම තුළින් (RPL)
ජාතික නිපුණතා සම්මතයන්හි සඳහන් සුදුසුකම්වලට අදාළව අයදුම්කරුවා ඔහුගේ / ඇයගේ නිපුණතාවයන් ප්‍රමාණවත් සාක්ෂි සමඟ ඉදිරිපත් කිරීමට හැකියාවක් දක්වයි නම් පෙර ඇගයුම් ක්‍රමය (RPL) මත එම අයදුම්කරුවා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික ලබා ගැනීමට සුදුසුකම් ලබනු ඇත. පෙර ඇගයුම් ක්‍රමය (RPL) සඳහා අයදුම්පත්‍ර ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA) හෝ වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) වෙත ඉදිරිපත් කළ යුතුය